පෙරහැර ආරම්භය
ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ ජන්ම දිනය සැමරීම නිමිති කොට ගෙනය.
ආරම්භක නිර්මාතෘ
පූජ්‍ය ගාල්ලේ බලගොඩ සීලරතන ලොකු හාමුදුරුවන් වහන්සේගේ ප්‍රධාන අනුශාසකත්වය හා පැවිදි සංවිධායකත්වයෙන්
අරමුණ
ශ්‍රීමත් අනගාරික දර්මපාල තුමන්ගේ ගුණානුස්මරනය කිරිම හා ජාතික වීරයන්ගේ ගුණ සමරා පිං අනුමෝදන් කිරීම.
මෙම විහාරස්ථානය 1961 දි පූජ්‍ය බලගොඩ සීලරතන ලොකු හාමුදුරුවන් වහන්සේ විසින් ආරම්භ කරන ලදි. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ චින්තනය හා දැක්ම ගමින් ගමට ගෙනයමින් විහාරස්ථානය මගින් 1961 සැප්තැම්බර 17 ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් මෙම පෙරහැර කුඩා පෙරහැරක් ලෙස ආරම්භ විය. 2001 වසරේ පෙරහැර සඳහා වියදම රු 55000.00 ක් පමණ විය. ඉන් පසුව පූජ්‍ය කිතුල්හිටියාවේ ධම්මරතන හිමියන් විසින් පෙරහැර කමිටුවක් ගොඩනගා ප්‍රදේශයේ හා පිට පළාත්වල ශාසනික මෙහෙවර අගයන පිරිසගේ ආධාරයෙන් පෙරහැර දියුණුවට පත්කරන ලදි. අලි ඇතුන්ද, මල් වෙඩි සංදර්ශනද, ලංකාව පුරා විසිරී සිටින විවිධ කලායතන හා ප්‍රදේශයේ විවිධ නර්තන ශිල්පීන්ගෙන් සමන්විත මහා පෙරහැරක් ලෙස පසුකාලීනව දියුණුවට පත්විය
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා වෙනුවෙන් ලෝකයෙන්ම සිදුකරන පැරණිම මෙන්ම එකම පෙරහැර මෙම බුද්ධගයා ජාතික මහා පෙරහැරය. 2025 දී 64 වන බුද්ධගයා ජාතික මහා පෙරහැර සැප්තැම්බර් 17 වන දින රාත්‍රී විදි සංචාරය කෙරේ. මෙම පෙරහැර වර්ණවත් කිරිම සඳහා ලංකාව පුරා විසිරී සිටින විවිධ කලායතන හා ප්‍රදේශයේ විවිධ නර්තන ශිල්පීන් 500 කට අධික ප්‍රමාණයක් හා අනුරාධපුර ප්‍රදේශයේ මෙන්ම විවිධ ප්‍රදේශ වලින් පැමිණෙන විශාල ජනකායක් මෙම පෙරහැර නැරඹීමට පැමිණෙති.